11 February 2026

logo

2019 අගෝස්තු මාසයට පෙර ලබාගත් SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්



ශ්‍රී ලංකාවේ භාවිතා වන සියලුම සිම් කාඩ්පත් (SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට සහ 2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් පැරණි සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. 

ජනාධිපතිවරයා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

පවතින නීතිමය පසුබිම අනුව සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019 අගෝස්තු 02 දිනෙන් පසුව නිකුත් කළ කාඩ්පත් සඳහා පමණක් අදාළ වනවා. 



(colombotimes.lk)