11 February 2026

logo

NWSDB අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙක් අත්අඩංගුවට



ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. 
 
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන 02ක් යොදවා තිබියදී එම මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින්, Toyota Prado වර්ගයේ SUV ජීප් රථයක් කුලී පදනම මත ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
(colombotimes.lk)