26 November 2025

logo

බෝට්ටුවක් පෙරළී තරුණයෙක් ජීවිතක්ෂයට



පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළී‍යාමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙක් මියගොස් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
 
කාර්මික දෝෂයකට ලක්ව තිබූ බෝට්ටු ඇන්ජිමක් අළුත්වැඩියා කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා. 

අනතුරින් කලපුවේ ගිලීගිය තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)