23 September 2025

logo

කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා වැඩ භාර ගනියි



රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුශංක අද (23) වැඩ භාරගෙන තිබෙනවා.

ඔහු මේ වන විටත් දෙවිනුවර ශ්‍රී උපුල්වන් විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

මෙම අවස්ථාවට ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ හිටපු බස්නායක නිලමේවරයාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)