23 September 2025

logo

ලෝකය පුරා වෙසෙන ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සංඛ්‍යාව හෙළි කරයි



ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට (23) යෙදී තිබෙනවා. 

මෙවර තේමාව වන්නේ 'සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත' යන්නයි. 

එහි සැමරුම් උත්සවය අග්‍රාමාතවරියගේ ප්‍රධානත්වයෙන් අද (23) ග්‍රාම සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා. 

ලෝකය පුරා ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් මිලියන 70ක් පමණ ජීවත් වන බව එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කර ඇති දත්තවල සඳහන්. 

ඔවුන් භාවිත කරන සංඥා භාෂා සංඛ්‍යව 300කට අධික වන බවයි වාර්තා වන්නේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය පළමු වරට ජාත්‍යන්තර සංඥා භාෂා දිනය 2018 වර්ෂයේදී සමරා තිබෙනවා.

(colombotimes.lk)