දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට දොඩංගොඩ දක්වා මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
එම කැබිනට් තීරණයේ සඳහන් වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සහ කිලෝමීටර 19 සිට කිලෝමීටර 34 දක්වා අධිවේගී මාර්ග කොටස පැකේජ 02ක් යටතේ කඩිනමින් අලුත්වැඩියා කරන බවයි.
කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් ජාතික තරඟකාරී ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමෙන් අනතුරුව ලංසු ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අදාළ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 1490ක මුදලකට Access සමාගමට ලබාදීමට මෙලෙස අනුමැතිය හිමිවී තිබෙනවා.
(colombotimes.lk)