03 December 2025

logo

විශ්වවිද්‍යාල සිසුන්ට අමතර මහපොළ වාරිකයක්



විශ්වවිද්‍යාල සිසුන් සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මුළු දිවයිනටම බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අපහසුවෙන් තොරව නැවත ආරම්භ කිරීම අරමුණු කර ගෙන මීට පෙර පසුගිය 28වනදා ද මහපොළ වාරිකයක් ගෙවීමට කටයුතු කළ බවයි. 

ඊට අමතරව ගෙවීමට තීරණය කළ මහපොළ වාරිකය එළඹෙන 05වනදා ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු සැළසුම් කර තිබෙනවා. 
 
(colombotimes.lk)