'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ අවලංගු වී තිබෙනවා.
එම මණ්ඩලයේ ආසන වෙන් කිරීමේ සේවාව සිදු කරන ආයතනය සඳහන් කළේ මෙම බස්රථවල ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000ක් සිටින බවයි.
ඔවුන් වෙන්කරගත් එම ආසන වෙනුවෙන් තමන්ට කැමති වෙනත් දිනයක ආසනයක් ලබාගැනීමේ හැකියාව පවතින බව ආසන වෙන් කිරීමේ සේවය පවත්වන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් සමාගමේ කාර්යභාර නිලධාරී විමල් සිරිවර්ධන සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ වෙනුවෙන් 1315 අංකය හෝ 070 3110 506 අංකය අමතා වෙනත් පහසු දිනයක් ලබාගන්නා ලෙසයි.
කිසිදු ගාස්තු අය කිරීමක් ඒ සඳහා නොවන බවත් කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු කියා සිටියේ මේ වන විට නුවරඑළිය, නාවලපිටිය, 87 මාර්ගය යාපනය, වලපනේ, මුතූර්, බිබිල යන ගමනාන්ත වෙත බස් රථ ධාවනය නොවන බවත් සෙසු ගමනාන්ත වෙත බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවයි.
(colombotimes.lk)
