පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෝටර් රථයක් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ පානදුර - කර්මාන්තපුර මාර්ගයේදීයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයන් දෙදෙනෙක් ගමන්කර ඇති අතර කිසිවෙක්ටත් හානි සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කළා.
ප්‍රදේශවාසීන් එක්ව කඹ ආධාරයෙන් මෝටර් රථය ගොඩගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉදිරියෙන් වාහනයක් පැමිණීමේදී මෝටර් රථ රියදුරු තිරිංග තදකර ඇති බවත්, වැස්ස හේතුවෙන් මාර්ගය ලිස්සන ස්වභාවයක් ගෙන තිබූ බැවින්, මෝටර් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කැරපන් ඇළට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)