15 February 2026

logo

ඉන්දියාවෙන් පාකිස්ථානයට ලැබුණු ඉලක්කය මෙන්න



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කරගත්තා.