දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ පුත්තලම මාර්ගයේ දුම්රිය සේවා මේ වන විට නාත්තන්ඩිය දක්වා ක්‍රියාත්මක බවයි.
පැවති අයහපත් කාලගුණය හමුවේ පුත්තලම් මාර්ගයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සිට කොච්චිකඩේ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබුණා.
කෙසේවෙතත් දුම්රිය මාර්ග රැසකටම ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස හානි සිදු වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන රැසකින් යළි පිළිසකර කිරීම් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
