05 December 2025

logo

ව්‍යාජ හැඳුනුම්පත් සැකසූ පුද්ගලයෙක්ට වැඩ වරදියි



ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

එලෙස අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 



(colombotimes.lk)