05 December 2025

logo

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කිරීමට IMF සැරසෙයි



'දිට්වා' සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට තවදුරටත් සහාය වීම සඳහා පවතින විකල්ප සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් සඳහන් කළේ එළඹෙන දෙසැම්බර් 15වනදා පැවැත්වීමට නියමිතව තිබූ IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තවදුරටත් සැලසුම් කළ පරිදි පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමඟ සමීපව කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)