20 January 2026

logo

දුම්රිය මාසික වාරික ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස්වල ගමන් කිරීමට අවසර



රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍රයෙන් මෙලෙස ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. 

මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයන් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)