05 December 2025

logo

බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට



අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ ලක්ෂ 73කට අධික විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 39කට පමණ අයහපත් කාලගුණයේ බලපෑමෙන් විදුලිය විසන්ධි වී තිබූ බවයි. 

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ගත වූ දින කිහිපය පුරා මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ කඩිනමින් විදුලි සැපයුම් පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බවයි.

(colombotimes.lk)