01 December 2025

logo

කැලණි ගඟේ ජල මට්ටම ගැන පැහැදිලි කිරීමක්



කැලණි ගඟේ ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබන්ඩාර විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. 

ඔහු සඳහන් කළේ මේ වන විට කැලණි ගඟේ, හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවයි. 

ඒ අනුව හංවැල්ල ජල මාපක අද (01) පස්වරු 2.00 වන විට 8.94ක ජල මට්ටමක් සටහන්ව තිබූ අතර එය පස්වරු 3.00 වන විට 8.86ක් ලෙස සටහන් වී තිබෙනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම පස්වරු 2.00ට සටහන්ව තිබුණේ 8.45ක් ලෙස වන අතර එය පස්වරු 3.00 වන විට 8.40ක් ලෙස සටහන් වී තිබූ බවයි. 

(colombotimes.lk)