31 October 2025

logo

වනඅලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව මෙහෙයුමක්



හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනඅලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

එම මෙහෙයුම නොවැම්බර් මස 02වනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ඒ අනුව අන්දරවැව, රිදීගම, ලියන්ගස්තොට, බැරගම, හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල ගම්වැදී සිටින වනඅලි පළවා හැරීම මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

මේ සඳහා වන ජීවී නිලධාරීන්ට අමතරව පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගී කරවා ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)