31 October 2025

logo

මහින්දගේ PSOට අධිකරණයෙන් දුන් නියෝගය



රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හැරීමට නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 
 
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදා හරින ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම්දී තිබෙනවා. 

ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 16වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)