31 October 2025

logo

වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්



වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කර තිබෙනවා. 

පොලිස්පතිවරයාගේ පැමිණිල්ලකට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කළ පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදු කරන විමර්ශනයක් මෙම වැඩ තහනම් කිරීමට හේතු වී තිබෙනවා. 

මෙම නියෝගය ඊයේ (30) සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)