31 October 2025

logo

පොළව බිඳින ස්කෑනරයක් සමඟ දෙදෙනෙක් මාට්ටු



කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ නිධානයක් ගැනීමේ අරමුණින් භූගත වස්තූන් සොයන ස්කැනර් යන්ත්‍රයක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙදෙනක් නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වාන් ඇල පොලීසිය විසින්.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය කින්නියා හා වත්තල අල්විස් වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)