31 October 2025

logo

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක්



ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ සඳහන් කළා. 

ඔහු කියා සිටියේ අද (31) පාර්ලිමේන්තුවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. 

එහිදී ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා මෙන්ම කථානායකවරයාද එකඟතාව පළ කර තිබෙනවා. 

(colombotimes.lk)