06 February 2026

logo

අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය ගැන දැනුම්දීමක්



පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසනවා. 

ඔහු කියා සිටියේ ඉදිරිපත් වූ පැමිණිලි හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි. 

අම්බුළුවාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

එම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය මඟින් කිසිදු පාරිසරික හානියක් සිදු නොවන බවයි. 

(colombotimes.lk)