ඇතෙක් සමඟ දරුණු සටනක නිරත වී බරපතළ තුවාල ලැබූ වනඅලියෙක් මිය ගොස් තිබෙනවා.
ඒ මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ වැලිතුඩ ප්‍රදේශයේදීයි.
ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි විසින් වනඅලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කළේ වනඅලියා මියයෑමට හේතුව පසුගිය දිනවල ඇතෙක් සමඟ ඇතිවූ ගැටුමෙන් ඇතිවූ බරපතළ තුවාල බවයි.
(colombotimes.lk)