යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, දකුණ සහ බස්නාහිර පළාත්වල විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදීයි.
(colombotimes.lk)
