01 November 2025

logo

කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප



අයුතු ලෙස වත්කම් ඉපයීමේ සිද්ධියකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සඳහා දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අල්ලස් කොමිසම මඟින් කරන ලද දැනුම්දීමක් පැහැරහැරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන්ත නාමල් විජයවර්ධන ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද (31) නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ දෙක බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.

(colombotimes.lk)