 
                        කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. 
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැප්තැම්බර් මාසයේ 1.5%ක් වූ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 2.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 
ඔක්තෝම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 3.5%ක් දක්වා වැඩි වී තිබෙනවා.
නමුත් සැප්තැම්බර් මාසයේදී එය සටහන් වුණේ 2.9%ක් ලෙසයි. 
සැප්තැම්බර් මාසයේදී 0.7%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා. 
(colombotimes.lk)
 
 

