01 November 2025

logo

ඉන්ධන මිල සංශෝධනය වෙයි - නව මිල ගණන් මෙන්න



මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව නවතම ඉන්ධන මිල ගණන් සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහත දමා තිබෙන බවයි. 

එහි නව මිල රුපියල් 294ක් ලෙස සටහන් වනවා. 

එමෙන්ම රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල සටහන් වන්නේ රුපියල් 318ක් ලෙසයි.  

අනෙකුත් ඉන්ධන වර්ගවල කිසිදු මිල සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 


(colombotimes.lk)