 
                        01. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (31) උදෑසන 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
මීට පෙර එම වැඩවර්ජන අද (31) දහවල් 12 දක්වා අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන තිබුණා. 
02. අත්අඩංගුවට ගත්  STC හිටපු සභාපතිවරයාට අධිකරණයෙන් දුන් නියෝගය
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා ඇප මත මුදා හැරීමට නියම කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 
03. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක්
ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ සඳහන් කළා. 
ඔහු කියා සිටියේ අද (31) පාර්ලිමේන්තුවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. 
එහිදී ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා මෙන්ම කථානායකවරයාද එකඟතාව පළ කර තිබෙනවා. 
04. වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්
වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කර තිබෙනවා. 
පොලිස්පතිවරයාගේ පැමිණිල්ලකට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 
ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කළ පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදු කරන විමර්ශනයක් මෙම වැඩ තහනම් කිරීමට හේතු වී තිබෙනවා. 
මෙම නියෝගය ඊයේ (30) සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 
05. මහින්දගේ PSOට අධිකරණයෙන් දුන් නියෝගය
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හැරීමට නියම කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 
 
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 
ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදා හරින ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම්දී තිබෙනවා. 
ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 16වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)
 
 

