22 November 2025

logo

නායයෑමෙන් විපතට පත්වූවන් මුදවා ගැනීමට යුද හමුදාවේ සහය



පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම හා ඉන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා 8වන සිංහ රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කළේ මේ වන විට සුන්බුන් අතර සිරවී සිටින බවට විශ්වාස කරන අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

ඒ සඳහා සෙසු නිලධාරීන් 15දෙනෙක්ගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් අනුයුක්ත කර තිබෙනවා. 

යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ මුදා ගැනීමේ කටයුතුවලට සහාය වීම සඳහා එම රෙජිමේන්තුවේ තවත් නිලධාරීන් 30දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය යෙත යොදවන බවයි. 

(colombotimes.lk)