ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැති තරගය කඩුලු 10කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
ඒ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුවයි.
කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව, නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භ පිතිකරුවන් යුගළ පන්දුවාර 2යි එක් පන්දුවක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේ ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලුණා.
ඒ වන විට ඉන්දිය කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 17ක් රැස්කරගෙන සිටියා.
වර්ෂාවෙන් අනතුරුව යළි තරගය ආරම්භ කරන විට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 23කදි ලකුණු 145ක ඉලක්කයක් හිමි වුණා.
එම ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි එක් පන්දු අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 147ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා.
(colombotimes.lk)