06 July 2025

logo

කම්කරු නීති සංශෝධනය කිරීමට අවධානය



සමාගම් 22,450කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලට අරමුදල් ගෙවා නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.

ඒ කම්කරු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීම වෙනුවෙන් අද පැවති උත්සවය අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ සේවක අර්ථසාධක අරමුදලට නොගෙවූ අරමුදල් ලෙස රුපියල් බිලියන 36කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි.

ඉදිරියේදී කම්කරු නීති සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව  බවත් රජය කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)