අයෝමාල් අකලංක අවසන් වටයට



ට්‍රිනිඩෑඩ් හී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට යොවුන් ක්‍රීඩක අයෝමාල් අකලංක සමත්වුණා. 

තරගාවලියේ බාලක මීටර් 400 කඩුලු පැනීමේ අවසන් පූර්ව තරගයට සහභාගී වූ අයෝමාල් තත්පර 51.99ක කාලයකින් එම ඉසව්ව පළමුවැන්නා ලෙස අවසන් කළා. 
 
17 වැනි වියේ පසුවන ඔහු මෙම ඉසව්ව සඳහා දැක්වූ ඉහළම දක්ෂතාවය මෙය වන අතර අවසන් පූර්ව වටයේ වාර්තා වූ වේගවත්ම කාලය අයෝමාල් විසින් වාර්තා කිරීම ද විශේෂත්වයක්.
(colombotimes.lk)