colombotimes.lk
සිංහල | English

28 April 2024

ජපාන ආයෝජකයන්ට බිංගිරිය ආයෝජන කලාපය සූදානම් - ඇමති දිලුම්



ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ජපන් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් බිංගිරිය ආයෝජන කලාපයේ දෙවන සහ තුන්වන අදියර කඩිනමින් පහසු කර ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් පසුගියදා මෙම නියෝගය නිකුත් කරන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, ජනාධිපතිතුමා ජපානයේ සංචාරයක නිරත වූ පසු ජපානයේ ආයෝජකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණි විගස ඔවුන්ගේ ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද රාජ්‍ය අමාත්‍ය අමුණුගම නිලධාරීන්ට දැනුම් දී තිබුණා.
(colombotimes.lk)