නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සඳහා පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීමට 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියට මෙම පනත් හඳුන්වාදීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
ඒ අනුව සකස් කළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 07ක් ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ සම්පූර්ණ කැබිනට් තීරණය පහතින්,
(colombotimes.lk)