රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) දැනුම්දී තිබෙනවා.
මෙම නඩුවට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෝසමක් මඟින් කර තිබූ ඉල්ලීම ඊයේ (19) සලකා බලා තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් පැමිණිල්ල විසින් නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන බව අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් සිය සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස කර තිබූ ඉල්ලීම ඉවත්කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)
