20 November 2025

logo

පාසල් ළමුන් අතර දුම් පානය ඉහළට



පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න පවසනවා. 

ඔහු කියා සිටියේ වයස අවුරුදු 14 හෝ 15 වන විට පාසල් ළමුන් බොහෝ පිරිසක් දුම්වැටි අත්හදා බැලීමට යොමුවී තිබෙන බවයි. 

මෙලෙස දුම්පානය කිරීම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීමට බෙහෙවින් ඉවහල් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න ප්‍රකාශ කළා. 

(colombotimes.lk)