කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (04) 12,000 සීමාව පසුකර තිබෙනවා.
පසුගිය ජූලි මස 03 වනදායින් පසුව ප්‍රථමවරට මෙම සීමාව පසු කිරීමට අද (04) සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
දර්ශකය ඒකක 123.50කින් (1.04%) කොටස් වෙළඳපොල ඉහළ ගොස් ඒකක 12,053.49ක් බවට පත් වී තිබෙනවා.
එහි පිරිවැටුප සටහන් වුණේ රුපියල් බිලියන 2.8ක් ලෙසයි.
(colombotimes.lk)