01 November 2025

logo

පුද්ගලයෙකුගේ අවසන් කටයුතු කිරීම පිළිබඳ කමිටුවක්



මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී තම ආගමට අනුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමට නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ සඳහා නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයක එක්වෙමින්.
(colombotimes.lk)