15 February 2026

logo

මහනුවර - ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ඇරඹෙයි



වසර ගණනාවක් පුරා ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම ඊයේ (06) පස්වරුවේ සිදු වී තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.  

හංගේරියානු රජයේ ණය ආධාර මත 2021 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 14.37ක් ලෙස සටහන් වී තිබෙනවා. 

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ හංගේරියානු රජයේ ණය ආධාර නවතා දමන ලද අතර ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතුද නවතා දමා තිබූ බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව රුපියල් බිලියන 12.27ක දේශීය අරමුදල් යටතේ නැවත ආරම්භ කළ මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් මාස 22ක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. 

මෙම ගුවන් පාලම විලියම් ගොපල්ලව මාවත ඔස්සේ ඉදිකරන අතර ගන්නෝරුව මාර්ගයේ මහවැලි ගඟේ දකුණු ඉවුරෙන් ආරම්භ කර ගැටඹේ මංසන්දියට සහ දුම්රිය මාර්ගයට ඉහළින් ඉදි කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)