06 February 2026

logo

මහයියාව උමං මාර්ගයේ ඉදි කිරීම් ඇරඹෙයි



මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර - යාපනය මාර්ගයේ මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (06) සිදු කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ප්‍රධානත්වයෙන්.  

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 699.6ක වියදමින් ඉදි කෙරෙන මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් අද (06) සිට දින 273ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි. 

උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කරමින් නිලධාරීන් සමඟ කෙටි සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා එම ස්ථානයට රැස්වී සිටින ජනතාව සමඟ ද සුහද කතා බහක ද නිරත වී තිබෙනවා. 

(colombotimes.lk)