සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
ගෝනෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව ඔවුන්ව අත්අඩංගුව ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් සඳහන් කළා.
වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීමට එරෙහිව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් හෙට (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)
