ලාෆ්ස් ගෑස් මිල ගණන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේ නව මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,330ක් වන බවයි.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 1,742ක්.
(colombotimes.lk)
