06 February 2026

logo

හදිසි නීතිය දීර්ඝ කළ හේතුව අග්‍රාමාත්‍යවරිය පහදයි



රජය විසින් රටපුරා පැනවූ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට ගත් පියවර සම්බන්ධව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අද (06) පාර්ලිමේන්තුවේදීයි. 

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට දැවැන්ත හානියක් සිදු වූ බවත් එම හානිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම් සඳහා මෙම හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)