31 October 2025

logo

අනතුරට පත් යාත්‍රාවේ බේරාගත් ධීවරයන් හම්බන්තොට වරායට



ධීවර යාත්‍රාවක් පසුගිය 16වනදා මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක් පමණ දුරින් පෙරළී අනතුරකට ලක්වුණා. 

එම අවස්ථාවේදී ධීවරයන් 06දෙනෙක් එහි රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාව සඳහන් කළේ එහි එක් ධීවරයෙක් මුහුදට වැටි අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බවයි.

එහිදී දිවි බේරාගත් ධීවරයන් සිව්දෙනා දින 13කට පසුව අද (31) අළුයම හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ නාවික හමුදාව විසින්.
 
ඔවුන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව නාවික හමුදාව සඳහන් කළා.
 
(colombotimes.lk)