01 November 2025

logo

STC හිටපු සභාපතිවරයා අත්අඩංගුවට



ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.

එම සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2015 වසරේදී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා (කොකුන්) 50ක් ආනයනය කිරීම මඟින් සංස්ථාවට රුපියල් 99,679,799.70ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශවයන්ට සලසාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  
අත්අඩංගුවට ගත් සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

(colombotimes.lk)