18 January 2026

logo

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදකයින්ට පනවන දඩ මුදල ඉහළ නැංවීමට තීරණයක්



ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ඊට අදාළ රෙගුලාසි පනවා ඇති බවයි.

එමෙන්ම මේ වන විට ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් සම්බන්ධයෙන් පනවන දඩ මුදල රුපියල් දස දහසක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)