18 January 2026

logo

රාමසාන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ චක්‍රලේඛයක්



රාමසාන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබා දෙමින්.

ඒ අනුව සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ පෙබරවාරි මස 19වනදා සිට මාර්තු මස 21වෙනිදා දක්වා යාඥා සහ ආගමික කටයුතු සඳහා චක්‍රලේකයේ සඳහන් පරිදි අවස්ථාව ලබා දෙන ලෙසයි.

හැකි සෑම අවස්ථාවකදීම එම නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩ මුර සකස් කර දිය යුතු අතර නොවැලැක්විය හැකි අවස්ථාවල විශේෂ නිවාඩු අනුමත කළ යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වනවා.

(colombotimes.lk)