18 January 2026

logo

බස් රථයක් පෙරළීමෙන් මාරක අනතුරක් - පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් පෙරළීමෙන් අද (18) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති අතර.තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

අදාළ බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර එම අවහිරතාව කඩියමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු ආසන පටි පැළඳ නොසිටි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)