18 January 2026

logo

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි



විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (17) මරදාන පට්ටියාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දකුණු කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තූරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

එහිදී විදෙස් රටක නිෂ්පාදිත මෙම රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් සමඟ එක සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු විසින් පතරොම් තොගයක් තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් පසු 9mm වර්ගයේ ජීව පතරොම් 75ක් හා T56 ජීව පතරොම් 45ක් සමඟ තවත් සැකකරුවෙක්අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30ක් හා 32ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවන්.

(colombotimes.lk)