දංකොටුව දෙස සිට උස් වැටකෙයියාව දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් කළ පාපැදිකරුවක්ගේ ගැටී ඊයේ (17) අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු සඳලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 75ක් වන පන්නල ගෝණවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
